ලබන වසරේ පෙබරවාරි 4 වැනි දාට යෙදෙන 75 වැනි ජාතික නිදහස් දින සැමරුම ගාලුමුවදොර දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ නිදහස් දින සැමරුම් උලෙළ සංවිධාන කටයුතු පිළිබඳ ආරක්ෂක කමිටු රැස්වීම ඊයේ (20) ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ දී යි.
එහි දී ජාතික නිදහස් දින සැමරුම එක් ව නැඟිටිමු යන තේමාව යටතේ පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.