දුම්රිය ගමන් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි
Wednesday, 21 September 2022 - 11:56 | Views - 346
කාන්තාවක් ඇය ගමන් ගත් මෝටර් රථය දුම්රියක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.

ඒ ,අද අලුයම නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදු වූ අනතුරකින්.

එම ප්‍රදේශයේ ම පදිංචි මෙම කාන්තාව සහ ඇයගේ සැමියා අද අලුයම නිවසින් පිටව ගොස් ඇති අතර නිවසින් පිටව ගොස් මිනිත්තු කිහිපයකට පසු මෙම අනතුරට මුහුණ දී තිබෙන බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අඹුසැමි යුවළ ගමන් ගත් මෝටර් රථය අවිස්සාවෙල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටීම හේතුවෙනුයි මෙම අනතුර සිදුව තිබුණේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහලට ඇතුළත් කර ඇති බවයි මිරිහාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. 

කෙසේ වෙතත්, මේ හේතුවෙන් අද උදැසන දුම්රිය ගමන් කිහිපයක්ද ප්‍රමාද වී ධාවනය වූ බවද සඳහන්.

එසේම,බලධාරීන් විසින් ජනතාවට දැනුම් දෙන්නේ මාර්ගවල ගමන් කිරීමේදී ඉතාමත් කල්පනාකාරීව හා සැමවිටම ආරක්ෂිතව ගමන් කිරීමෙන් අනතුරු අවම කර ගැනීමට හැකියාව ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top