නැතිවුණු ජංගම දුරකථනය නිසා ඩබල් හයර් ගෙවලා
Wednesday, 21 September 2022 - 11:35 | Views - 634
බිරිඳගේ ජංගම දුරකථනය ත්‍රීරෝද රථය තුළ අමතක වීමෙන් දෙවරක් හයර් ගෙවීමට සිදු වූ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබෙනවා.

සිද්ධිය මෙසේය,

ඇය මුහුණු පොත වෙත බොහෝ ලෙස ඇබ්බැහි වී සිටින්නියකි. ඇබ්බැහිවීම කෙසේද යැයි කිව්වොත් උයන පිහන කටයුතුවලදී මෙන්ම වැසිකිළිය තුළදී පවා ජංගම දුරකථනය රැගෙන ගොස් මුහුණු පොතේ සැරිසැරීමට කටයුතු කරන්නියකි.

කෙසේ වෙතත්, ඇයගේ සැමියා මේ සැම ඉවසා දරා සිටින්නේ බැඳගත් බෙරය කෙසේ හෝ ගැසිය යුතු බැවිනි.

ඇයගේ දුරකථනයට විශාල වියදමක් දරා බිල් ගෙවා දැමීමටද ඔහුට සිදු වන අතර ඔහුගේ වැටුපට අමතරව හිත මිතුරන්ගෙන් ණය පවා ගැනීමට ඔහුට සිදුව තිබෙන බවද කියවෙයි.

මෙම සිදුවීම වූ දිනයේ ඔහු ඇයත් සමග නගරයට ගොස් ඇත්තේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය.

ඇයද මුහුණු පොතෙහි පලවන විවිධ කෑම වර්ග සෑදීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඇත්තේ දුරකථනය පරීක්ෂා කරමින්. මාසයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා බැවින් ඔවුන් ත්‍රීරෝද රථයක් කුලියට ගෙන නිවස බලා පිටත්ව ගොස් තිබුණි.

කෙසේ වෙතත්, ත්‍රීරෝද රථය තුළ ද දුරකථනයේ රැඳෙමින් එම දුර ගෙවා දැමූ ඇය නිවසට පැමිණ සැමියා හා එක්ව බඩු බාහිරාදිය නිවසට ගෙන ත්‍රීරෝද රථය පිටත් කර යවා තිබුණු අතර, බඩු ටික මුලු‍තැන්ගෙය වෙත රැගෙන ගිය වහාම සිය ජංගම දුරකථනය නොමැති බව දැනගත් ඇය කලබලයට පත්ව සිය සැමියා අමතා සිද්ධිය පවසා තිබෙනවා.

අඳුනන අයෙකුගේ ත්‍රීරෝද රථයක් හෙයින් ත්‍රීරෝද රථ රියදුරු අමතා විස්තරය පවසා ඇති අතර අනතුරුව දුරකථනය ත්‍රීරෝද රථය තුළ තිබෙන බව එම රියදුරු ද පවසා තිබුණා. ‘ඒක ගෙනත් දෙන්න පුළුවන් දැ’ යි විමසූ විට ත්‍රීරෝද රථ රියදුරු ‘ගෙනත් දෙන්නනම් පුළුවන්, ඒත් මහත්මයා මට හයර් එක ඕනි’ යැයි පවසා තිබු අතර, පසුව ඔවූහු ඩබල් හයර් ගෙවා දුරකථනය ගෙන්වාගෙන තිබෙනවා.

ඉතින්, මේ දිනවල පවතින ඉන්ධන මිල අනුව විශාල මුදලක් ත්‍රීරෝද රථයට ගෙවීමට සිදුවූවත් එක විනාඩියකට පවා දුරකථනය නොමැතිව සිටීමට නොහැකි බිරිඳගේ කන්දොස්කිරියාවෙන් මිදීමට ඔහු ඩබල් හයර් ගෙවා දුරකථනය ගෙන්වාගෙන දුක ද සතුටට පෙරලා ගෙන තිබෙනවා. 


( උපුටා ගැනීම - ලංකාදීප )

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top