පුංචි ඡන්දය ?
Wednesday, 21 September 2022 - 9:31 | Views - 393
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් දිනය තීරණය කරනු ලබන්නේ 2022 ඡන්ද හිමි නාමලේඛනය සහ පරිපූරක නාම ලේඛනය සහතික කිරීමෙන් පසු ව බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, යාපනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත අනුව එම ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවට අද (21) සිට බලය පැවරෙන බවයි ඔහු කියා සිටියේ.
Share This Article