විදේශීය ශ්‍රමිකයින්ට තවත් සහනයක්
Tuesday, 20 September 2022 - 16:34 | Views - 1,583
තම නිවසට අවශ්‍ය ගෑස් සිලින්ඩර ලබා ගැනීම සඳහා විදෙස් ශ්‍රමිකයින්ට විශේෂ අවස්ථාවක් හිමිව තිබෙනවා.
ඒ සඳහා විශේෂ ඇප් එකක් නිර්මාණය කර තිබෙන අතර , මෙම ඇප් එකට පිවිසීමෙන් විදේශයක වෙසෙන ශ්‍රමිකයින්ට ලංකාවේ තම පවුලේ උදවියට අවශ්‍ය ගෑස් සිලින්ඩර ඔන්ලයින් ඔස්සේ ඇනවුම් කර නිවෙසට යැවීමට හැකියාව ලැබෙනවා.
මෙය විදෙස් ගත ශ්‍රමිකයින්ට ලබා දෙන තවත් සහනයක් ලෙසද , ප්‍රේෂණ එවන ඔවුන් දිරිමත් කිරීමේ අදිටනින්ද ,ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
Share This Article