විදේශ රැකියා ,කම්කරු ගැටලු වලටත් QR කේතයක්
Tuesday, 20 September 2022 - 14:54 | Views - 1,201
කම්කරු ගැටලු සහ සුබසාධනය මෙන්ම විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු ඇතුලත් වැඩසටහනක් සකස් කොට ඒ සඳහා ලියාපදිංචිවීමට QR කේතයක් හඳුන්වාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පියවර ගෙන තිබෙනවා.
කම්කරු ගැටලු සහ සුබසාධනය මෙන්ම විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු සහ අවස්ථාවන් පිළිබද ජනතාවට පූර්ණ අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල සේවාවන් ලබාදීමට මෙන්ම දේශීය රැකියා හා ජාත්‍යන්තර රැකියා සපයන ආයතන එකට එක් කරමින් ”ග්ලෝකල් ෆෙයා 2022” වැඩසටහන ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි.
Share This Article