ඇමතිවරුන්ට කොන්දේසියක්
Tuesday, 20 September 2022 - 14:05 | Views - 2,427
අද (20) සිට එළඹෙන සිකුරාදා දක්වා සියලු කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය දැනුම් දී තිබෙනවා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සභා ගර්භය තුළ රැඳී නො සිටීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී අවධානය යොමු වීමකට පිළියමක් වශයෙන්.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇති අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා මෙන් ම ස්ථාවර නියෝග යටතේ යොමු කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අනිවාර්යෙන් සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව අද දිනයේ සිට එළඹෙන සිකුරාදා දක්වා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී සිටිය යුතු කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනයක් ද සකස් කර තිබෙනවා.

මේ අතර අදාළ දිනයේ දී සභා ගර්භයේ රැඳි සිටීමට නො හැකි නම් අදාල කැබිනට් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට දැනුම් දිය යුතු වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top