ලබුගම ජල පවිත්‍රාගාරයේ ජල ටැංකියක පිරිසිදු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (21) දිනයේ දී ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හංවැල්ල, ජල්තර - රණාල, කඩුවෙල, මාපිටිගම, දොම්පේ සහ කහහේන යන ප්‍රදේශවලට පෙරවරු අටේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.