ඍජු බදු ප්‍රතිශතය ඉහළ නැංවීම රජයේ ඉලක්කයයි
Monday, 19 September 2022 - 10:06 | Views - 749
වක්‍ර බදු ප්‍රතිශතය අවම කර ඍජු බදු ප්‍රතිශතය ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රධානීන් සමඟ ඊයේ (17) පැවති සාකච්ඡාවකදියි.

මෙහිදී වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නව අපනයන කෙරෙහි රටක් ලෙස අවධානය යොමු කළ යුතු බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, මේ වනවිට රා අපනයනය තුළින් රුපියල් බිලියන 4.2 ක වාර්ෂික ආදායමක් උපයන අතර, එය බිලියන 10 ක් පමණ දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කළ යුතු බව මුදල් වැඩබලන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top