කුලුන බලන්න ඊයේ වැඩිම සෙනඟ
Monday, 19 September 2022 - 8:28 | Views - 635
කොළඹ නෙළුම් කුලුන නැරඹීමට මේ දක්වා වැඩිම ජනතාවක් පැමිණියේ ඊයේ (18) දිනයේ බව නෙළුම් කුළුණ කළමණාකරණ පුද්ගලික සමාගම පවසනවා.

එහි ප්‍රධාන පරිපාලන නිළධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සදහන් කළේ ඊයේ රාත්‍රී 8 වන විට ප්‍රවේශපත් 6800කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබූ බවයි.

විශාල පිරිසක් පැමිණීමත් සමඟ නෙළුම් කුලුන පරිශ්‍රය තුළ තදබදයක්ද හට ගත් අතර තත්ත්වය පාලනය කිරීමට පරිපාලනය විසින් ඊයේ රාත්‍රී අවස්ථා කිහිපයකදී ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

මේ අතර නෙලු‍ම් කුලු‍ණ විවෘත කළ පසුගිය 15වනදා සිට සෙනසුරාදා දක්වා කාලය තුළ රුපියල් මිලියන 7ක ආදායමක් උපයා ඇති බවයි එහි ප්‍රධාන පරිපාලන නිළධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සදහන් කළේ.

නෙළුම් කුලුන නැරඹීමට දැනට නිකුත් කරනු ලබන්නේ රුපියල් 500යේ ප්‍රවේශපත් පමණක් වන අතර සෑම දිනකම පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා ඒ සඳහා අවස්ථාව පවතිනවා. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top