19වෙනිදා PASSPORT ගන්න පුළුවන් වෙන් කර ගත් අයටයි
Friday, 16 September 2022 - 10:36 | Views - 2,264
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සැප්තැම්බර් 19 වන සඳුදා දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශිය කාර්යාල විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කලින් දින සහ වේලාවන් වෙන්කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් එදින ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශිය කාර්යාල විවෘතව පවතින බවයි.
එසේම, දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන අනෙකුත් කිසිදු සේවාවක් එදින ක්‍රියාත්මක නොවන බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කල අතර, කිසිදු හේතුවක් මත කලින් දින හා වේලාවන් වෙන්කර නොගත් කිසිවෙකු සැප්තැම්බර් 19 වන සඳුදා දිනයේ සිය කාර්යාල වෙත නොපැමිණන ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
Share This Article