සමරිසි සම්බන්ධතා ගැන සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු
Friday, 16 September 2022 - 10:16 | Views - 688

සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණුවන, හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනකුගෙන් 03 දෙනකු සහය නොදක්වන බව මෑතකදී සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ප්රජාතන්ත්රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය (Westminster Forum for Democracy) ඉකුත් වසරේ සම්පූර්ණ කරන ලද සහ මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද මෙම සමීක්ෂණය, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සිදු කර තිබෙන අතර,
මහජන අදහස් සහ ඔවුන්ගේ හැඟීම් නිවැරදිව පුරෝකථනය කිරීමේ හැකියාව ඇති, ජාත්‍යන්තර තලයේ අවශ්‍යතා සපුරාලන මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ගෙන් සියයට 51.4ක්ම සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ හිමිකම් වැඩිදියුණු කරන නීතිවලට සහාය දක්වන බව ද පවසා තිබෙනවා.
එමෙන්ම, සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීම අවසන් කිරීමට සහ සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත්, ඉකුත් දින නිකුත් කළ නිවේදනයක් හරහා ජනාධිපතිවරයා තහවුරු කරනු ලැබුවේ, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව තම රජය ප්‍රතික්ෂේප නොකරන බවත්, ඊට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස ඇති බවත් ය.
(උපුටා ගැනීම - ලංකාදීප)
Share This Article