ඉගෙන ගන්න ගමන් රැකියා වරම් - පැයකට රුපියල් 350ක ගෙවීමක්
Thursday, 15 September 2022 - 11:55 | Views - 1,382
මසකට පැය 13ක් - රුපියල් 350ක ගෙවීමකුත් ,

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු සිසුන්ට මසකට පැය 13ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබාදීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙල යටතේ එක් සිසුවෙකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350ක ගෙවීමක් කිරීමටද නියමිතයි. සරසවිය තුල අනධ්‍යයන සේවා සැපයීම හා අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දැනුම් හුවමාරුව සඳහා සිසුන්ට මෙම අර්ධකාලීන රැකියා ලබාදීමට නියමිත බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති එම්. ඩී ළමාවංශ සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ සඳහා සිසුන් 170දෙනෙකු පමණ දැනටමත් ඉල්ලුම් කර ඇති බවද ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝබර් මස පළමුවැනිදා සිදු කිරීමට නියමිත බවද සඳහන්.

මේ දින වල රට තුළ පැන නැගී ඇති සමාජ හා ආර්ථික අර්බුදය හමුවේ සිසු දරුවන් විශාල ආතතියකට පත්ව ඇති බවත්, නව වැඩපිළිවෙල යටතේ සිසුන්ට යම් ආදායමක් ලැබෙන අතරම සිසුන් තුළ ඇති ඒකාකාරී බවෙන් මිදීම සඳහා ද මෙය මහඟු පිටුවහලක් වනු ඇති බවත් උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

උපුටා ගැනීම - ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top