කැබිනට් ඇමතිවරු පත් කිරීම ජනපතිගේ සංචාරයෙන් පසු?
Thursday, 15 September 2022 - 10:54 | Views - 683
නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපතිවරයාගේ එංගලන්ත සහ ජපන් සංචාරයෙන් අනතුරුව සිදු කිරීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මේ වනවිට තවත් කැබිනට් අමාත්‍ය ධූර දහයක් තමන්ට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක්ද සිදු කර තිබෙනවා.

එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් නායකයින්ට මෙම ලැයිස්තුවට ඇතුළත් බවයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දරන අමාත්‍ය ධූරවලට අමතරව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු මේ වනවිට පත්කර ඇති අතර, වර්තමාන රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව 38ක්. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top