ජනවාරි පළමුවනදායින් පසු රාජ්‍ය සේවකයන් වැඩි පිරිසක් විශ්‍රාම යැවෙයි
Thursday, 15 September 2022 - 8:42 | Views - 3,480
රාජ්‍ය නිලධාරින් අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අදාළ චක්‍රලේකය නිකුත් කිරීමෙන් පසු ලබන වසරේ ජනවාරි පළමු වනදායින් පසු දැනට රාජ්‍ය සේවයේ නියුතු 20,000ත් 25,000 අතර පිරිසකට විශ්‍රාම යාමට සිදුවනු ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉකුත් අයවැයෙන් රාජ්‍ය නිලධාරින් අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 65 දක්වා ඉහළ නැංවූ අතර එය 60 දක්වා පහත හෙළනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය මගින්.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ විසින් අද නිකුත් කළා.

එහි දැක්වෙන්නේ ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය නිලධාරින්ගේ අනිවාර්්‍යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස සළකා කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ අධිකරණ සංවිධාන පනත මගින් හෝ නිශ්චිතව තීරණය කර ඇති අධිකරණ සේවයේ නිලධාරින් හැර අනෙකුත් සියලු රාජ්‍ය නිලධාරින්ට මෙම සශෝධනය අදාළ විය යුතු බවද එහි දැක්වෙනවා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගියදා ඉල්ලා සිටියේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 63 දක්වා ඉහළ නංවන ලෙසයි. එමෙන්ම හෙද සහ ඉංජිනේරුවන්ගේ විශ්‍රාම යාමේ වයස 63 ලෙස ඉහළ නංවන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව වුණා.

කෙසේ වෙතත් අද නිකුත් කළ චක්‍රලේඛයෙන් මෙම කාණ්ඩ පිළිබද විශේෂ සදහනක් කර නොමැති නිසා අප ඒ පිළිබද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේගෙන් විමසීමක් කළ අතර වෛද්‍යවරුන් , හෙද - හෙදියන් මෙන්ම ඉංජිනේරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 60 ලෙස සළකා කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර වයස අවුරුදු 60 ඉක්මවා දැනට සේවයේ යෙදී සිටින පිරිස් සදහා ලබන දෙසැම්බර් 31 වන දින හෝ එදිනට පෙර වයස අවුරුදු 60 සම්පූර්ණ වන නිලධාරින්ටද ඔවුන්ගේ කැමැත්ත පරිදි දෙසැම්බර් 31 වන දිනට හෝ ඊට පෙර විශ්‍රාම ගැනීමේ අවස්ථාව නව චක්‍රලේඛයෙන් හිමිකර දී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top