රාජ්ය සේවයේ විශ්රාම ගැන්වීමේ වයස් සීමාව 60 දක්වා අඩු වෙයි
Thursday, 15 September 2022 - 8:24 | Views - 889
රාජ්ය නිලධාරින්ගේ අනිවාර්ය විශ්රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමට අදාළ චක්රලේඛය ඊයේ නිකුත් කෙරුණා.රාජ්ය පරිපාලන , ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්යංශය විසිනුයි අදාළ චක්රලේඛය නිකුත් කර ඇත්තේ.පසුගිය මස 30 වනදා ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්ය නිලධාරින්ගේ අනිවාර්ය විශ්රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
Share This Article