තරුණ තරුණියන්ට - රජයෙන් තෑග්ගක්
Tuesday, 13 September 2022 - 14:24 | Views - 1,912
අරගල කරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා නව නිර්මාණ පරිශ්‍රයක් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පවසනවා.
කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමුවී නිදහසේ අදහස් හුවමාරුකර ගැනීම මෙන්ම සාකච්ඡා පැවැත්වීම සඳහා පහසුකම් මෙම පරිශ්‍රයෙහි ස්ථාපිත කරන බව ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සඳහන් කළා.
ලෝකයේ බොහෝ රටවල මෙවැනි ස්ථාන තිබෙන බවත් ඒවා නැරඹීමට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් එන බවත් කී එජාප ජාතික සංවිධායකවරයා පාවෙන වෙළෙද සංකීර්ණ භූමියත් එවැනි ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කර සිටියා.
(උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article