හදිසි අනුමැතියෙන් ඩොලර් මිලියන 100ක් අත්‍යවශ්‍ය ඖෂධ සඳහා
Tuesday, 13 September 2022 - 11:47 | Views - 711
සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම සඳහා වෙනත් ව්‍යාපෘතිවලට වෙන් කරන ලද ඩොලර් මිලියන 100ක මුදල් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ අනුව, කොළඹ නාගරික පුනර්ජිවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය මගින් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියෙන් ලැබුණු ඩොලර් මිලියන 30ක මුදල මේ සඳහා යොදා ගැනෙනු ඇති.
එසේම, ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත මෙම අනුකමිටුව පත් කිරීමේ අපේක්ෂාව වී ඇත්තේ, වත්මන් අර්බුදකාරි ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ඉහළ ප්‍රමුඛතාවයකින් යුත් අංශ හඳුනා ගැනීම යි.
Share This Article