ලෝක ආහාර වැඩසටහන මෙරටට අනතුරු අඟවයි ?
Tuesday, 13 September 2022 - 9:59 | Views - 542
දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම, හා පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍ර විය හැකි බවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ අනතුරු අඟවනවා.

ජනගහනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවට පත් ව සිටින අතර, හදිසි ආධාර ප්‍රමාද වුව හොත් එම අනාරක්ෂිතතාව තවදුරටත් උග්‍ර වන බව යි ඔවුන් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ මිලියන 6.3ක ජනතාවක් මධ්‍යම මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දෙන බවත් ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නො දුන හොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ සිදු කරන ලද ඒකාබද්ධ ආහාර බෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවට අනුව ආසන්න වසර දෙකක බෝග අස්වැන්න අසාර්ථක වීම හේතුවෙන් මෙරට ආහාර නිෂ්පාදනය 50%කින් පමණ පහත වැටී ඇති බව හෙළි වී තිබෙනවා.

එමෙන්ම විදේශ විනිමය අර්බූදය ද මෙම ආහාර අනාරක්ෂිතතාව උග්‍ර කිරීමට හේතු වී ඇති බව යි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

වී අස්වැන්න අඩු වීම මෙම ආහාර අනාරක්ෂිතතාව උග්‍ර කිරීමට බරපතළ ලෙස බලපා ඇති බව පෙන්වා දෙන මෙම වාර්තාව අවධාරණය කරන්නේ, 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි අතර කාලය තුළ මෙම අනාරක්ෂිතතාව ට මුහුණ දී ඇති කාණ්ඩයට ආධාර ලබා දීමක් සිදු නො වුව හොත් වඩාත් බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බවට යි.

"ආහාර සුරක්ෂිතතාව තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීම පිණිස කුඩා ඉඩම් හිමියන් ඉලක්ක කරගනිමින් ජීවනෝපාය ආධාර ලබාදීම ප්‍රමුඛතාවයක් ලෙස සිදු කළ යුතු යි." යනුවෙන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත විමලේන්ද්‍ර ෂරන් පවසනවා.

ඒ හරහා මෙරට සමස්ත ජනගහනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයෙන් යැපෙන බැවින් ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම හරහා අවසානයේ කෘෂිකර්මාන්තයෙන් යැපෙන හැකියාව ඉහළ නංවනු ඇති.

එමගින් විදේශ මුදල් සංචිතයන්ගේ හිඟය නිසා ආහාර අවශ්‍යතා හා ආනයන කිරීම් අඩු කිරීමටත් හැකියාව ලැබෙනවා.

එමගින් කුසගින්න වැඩි වීම වළක්වා ගැනීමට හැකි වනු ඇති බවට යි ඔහු අවධාරණය කරන්නේ.

ලෝක ආහාර වඩසටහන රජයේ ඉල්ලීමකට අනුව 2022 ජූනි සහ ජූලි මාස දෙක අතර තුර දී දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ඒකාබද්ධ ආහාර බෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් ක්‍රියාවලියක් ද සිදු කළා.

එහි දී විශේෂයෙන් ම ප්‍රධාන ධාන්‍ය වර්ග ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන මට්ටම් විශ්ලේෂණය කිරීම මෙන්ම ගෘහස්ථ ආහාර සුරක්ෂිතතා තත්ත්වයන් තක්සේරු කිරීම ද සිදු කෙරුණා.

2022 වසරේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන තුනක් පමණ වනු ඇති බවට යි ලෝක ආහාර වැඩපිළිවෙළ පුරෝකතනය කරන්නේ.

එය 2017 වර්ෂයේ අධික නියඟය හේතුවෙන් සිදු වූ වගා පාළු නිසා වාර්තා වූ අඩු අස්වැන්නට පසු අඩු ම අස්වැන්නක් වාර්තා වන අවස්ථාව මෙය යි.

මීට අමතර ව සත්ත්ව ආහාර ලෙස බහුල වශයෙන් භාවිත කරන බඩ ඉරිඟු නිෂ්පාදනය ද පසුගිය වසර පහක සාමාන්‍ය ට වඩා 40%කින් පහත වැටී ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් කුකුළු මස්, බිත්තර සහ අනෙකුත් පාංශු නිෂ්පාදන කෙරෙහි ද එය අහිතකර ලෙස බලපෑම් ඇති කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම එළවළු පලතුරු තේ පොල් රබර් සහ කුළුබඩු වෙනි අපනයන බෝග නිෂ්පාදනය ද සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතීම පවුල්වල සහ අපනයන ආදායම ද සැලකිය යුතු අඩුවක් ඇති කිරීමට හේතු වි තිබෙනවා.

මීට අමතර ව බොහෝ ආහාර ද්‍රව්‍ය මිල ගණන් 2021 වසරට වඩා අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් 2022 අගෝස්තු මාසයේ දී වාර්ථා වූ වාර්තාගත ඉහළ මිල මට්ටම් නිසා වසරක් තුළ ආහාර උද්ධමනය 94%කින් ඉහළ යාමක් පෙන්නුම් කරන බවත් මෙම වාර්තාව පෙන්වා දෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top