ලිට්රෝ ආයතනයෙන් විශේෂ දැනුම් දීමක්
Tuesday, 13 September 2022 - 9:20 | Views - 1,681
ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිතා කළ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ලිට්රෝ ආයතනය පවසනවා.
පූර්ණ විනිවිදභාවකින් යුතුව කටයුතු කරන බවත් ලෝක බැංකු අධීක්ෂණයට අනුකූලව සහ අමාත්‍ය මණ්ඩලය මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ගනුදෙණු සිදුකරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
එබැවින් මුදල් අවභාවිතා වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද එම ආයතනය ප්‍රකාශ කළා.
Share This Article