ගැසට් පත්රයක් හදිසියේ සංශෝධනය වෙයි
Tuesday, 13 September 2022 - 8:53 | Views - 1,805
ආනයන සීමා කරමින් රජය විසින් නිකුත් කර තිබු ගැසට් නිවේදනය සංශෝධනය කර තිබෙනවා.
පසුගිය අගෝස්තු මස 22 වනදා භාණ්ඩ 300ක් ආනයනය සීමා කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.
කෙසේ වෙතත් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් එම ගැසටි නිවේදනය සංශෝධන කර තිබෙනවා.
ඒ අනුව සුවඳ විලවුන්, ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සීමාවන්ට යටත් ව ආනයනය කිරීමට නව ගැසට් නිවේදනය මගින් අවසර දී තිබුණා.
Share This Article