ආසියානු ශූරයන් රැගත් විශේෂ රථ පෙරහර කොළඹ බලා ගමන් අරඹයි (Video)
Tuesday, 13 September 2022 - 8:31 | Views - 586
ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ආසියානු දැල් පන්දු ශූරතාවය දිනාගත් ක්‍රිඩිකාවන් රැගත් විශේෂ රථ පෙරහර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ බලා මේ වනවිට ගමන් ආරම්භ කර තිබෙනවා.
කොළඹ - කටුනායක ප්‍රධාන මාර්ගයේ රථ පෙරහර පැමිණෙමින් තිබෙන අතර, ඔවුන්ට අචාර කිරිම සඳහා මාර්ගය දෙපස අතිවිශාල ජනකායක් රැඳී සිටින බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු පසන් නන්දුල ද සිල්වා කියා සිටියේ.
Share This Article