නැවතත් උඩ ගිය එළවළු මිල සහ කුකුල් මස් මිල (Video)
Monday, 12 September 2022 - 13:56 | Views - 2,414
කුකුළු මස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 1,400ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එළවළු මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසනවා.

මේ අතර බිත්තර සඳහා නිශ්චිත මිලක් ලබා ගැනීම වෙනුවෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ පැවැත්වුණා.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙසත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45ක් ලෙසත් නියම කෙරුණා.

කෙසේවෙතත් පසුව බිත්තර නිෂ්පාදකයින් සහ විෂයභාර අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලදී තීරණය කෙරුණේ රුපියල් 50කට බිත්තරයක් අලෙවි කිරීමටයි.

ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ විවිධ මිල පරාසයන් යටතේ බිත්තර අලෙවි කෙරෙනවා.

එවන් පසුබිමක බිත්තර සඳහා නිශ්චිත මිලක් ලබා ගැනීම වෙනුවෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය, පශූ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර අද පෙරවරුවේ හමුවුණා.

මේ අතර කුකුළු මස් කිලෝවක සිල්ලර මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

පිටකොටුව කුකුළු මස් වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1,400කටයි.

ඉදිරියේ දී කුකුළු මස් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළෙඳුන් පවසන්නේ.

මේ අතර පිටකොටුව එළවළු වෙළෙඳ සංකීර්ණයේ ලීක්ස්, කැරට්, බෝංචි වැනි උඩරට එළවළු වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 400ක් වන අතර බෝංචි කිලෝවක සිල්ලර මිල සඳහන් වන්නේ රුපියල් 600ක් ලෙසයි.

මාළු මිරිස් කිලෝවක මිලද රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කරවිල කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 400කටයි.

‍මේ අතර රජය සඳහන් කළ මිලට වී මිලදී නොගැනීම නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙවර වී වගා කිරීම සඳහා තමන්ට විශාල වියදමක් ද දරන්නට සිදුවූ බවයි.

අතරමැදියන්ගෙන් තොරව තම වී අස්වනු නිශ්චිත මිලකට මිලදි ගන්නා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

‍මේ අතර, ඉන්දියාව සහල් අපනයනය සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බව සහල් ආනයනකරුවන් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දියාව කැඩුණු සහල් අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම සෙසු සහල් වර්ග ගණනාවකටද අපනයනයේදී 20%ක තීරු බද්දක් පනවා තිබෙනවා.

මේ හේතුවෙන් කැඩුණු සහල් ආනයනය කරන චීනය, ශ්‍රී ලංකාව මෙන්ම අප්‍රිකානු රටවල් රැසකට අහිතකර බලපෑම් එල්ල වනු ඇති බවටයි වාර්තා වන්නේ.

ලොව විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව 2021 වසරේදී අපනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 21.5ක්.

ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් කැඩුණු සහල් ආනයනය කරන්නේද ඉන්දියාවෙන් වන අතර ගැනුම්කරුවන් 78 දෙනෙකු විසින් නෞකා 384කින් මෙරටට කැඩුණු සහල් ආනයනය කර ඇති බවයි ආනයනික දත්ත පෙන්වා දෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top