ගෙවල් බිදුම් සහ රන්මාල කොල්ලකෑම් වැඩිවෙලා - කල්පනාකාරී වන්න
Monday, 12 September 2022 - 10:59 | Views - 1,472
වර්තමානය වන විට රට තුළ ගෙවල් බිදුම් සහ රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් ඉහල ගොස් ඇති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ, 156 වන පොලිස් දිනයට සමගාමීව ගාලු කොටුවේ ඊයේ (11) පැවති උත්සවයකට එක්වෙමින්.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කලේ, මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව කල්පනාකාරීව කටයුතු කල යුතුව ඇති බවයි.
Share This Article