දෙවන එළිසබෙත් මහරැජිණගේ දේහය රාජකීය නිවස වන හෝලිරූඩ්ස් මාළිගයේ මේ වනවිට (12) තැන්පත් කර තිබෙනවා.
ඒ, රාජකීයන්ට දේහයට අවසන් ගෞරව දැක්වීම සදහායි.
ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ සිට පැය හයක කාලයක් ගෙවා රැගෙන ආ මහ රැජිණගේ දේහයට මග දෙපස රැස්වූ දහස් ගණන් ජනතාව ගෞරව දක්වනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුව දේහය හෙට (13) එඩින්බරෝ හි ශාන්ත ගයිල්ස් දේවස්ථානයෙහි පැය 24 ක කාලයක් තැන්පත් කෙරෙන අතර එහිදී ජනතාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි වනු ඇති.
ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ගුවන්යානයකින් දේහය ලන්ඩනයේ බකින්හැම් මාළිගය වෙත රැගෙන යාමට නියමිතයි.
ඒ මහරැජිණගේ දියණිය වන ඈන් කුමරියගේ ප්‍රධානත්වයෙන්.
ලබන 19 වනදා ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ හි දී දෙවන එළිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙනවා.