2022 ආසියානු ශූරයින් වූ සිංහයින්ට ගලා එන සුබාශිංසන
Monday, 12 September 2022 - 8:13 | Views - 506
වසර අටකට පසුව ආසියානු කුසලාන ක්‍රිකට් කිරුළ දිනාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

ඒ, අවසන් මහා තරගයට ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.

මේ අතර 2022 ආසියානු ක්‍රිකට් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් එක්කර තිබෙනවා.

මෙම සියලු ජයග්‍රහණයන්ට නායකත්වය සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගේ එකමුතුව සහ අසීමාන්තික කැපවීම ඉවහල් වූ බවයි ජනාධිපතිවරයා එක්කළ සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින අභියෝගකාරී තත්වය හමුවේ වුවද මාතෘභූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදුකැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්‍ෂේත්‍රවල දෙවන පරපුරටද මහඟු ආදර්ශයක් බව ද එම පණිවුඩයේ සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයින් මෙන්ම ලෝක ක්‍රිකට් නායකයින්ද සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

මහේල ජයවර්ධන, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් පුහුණුකරුවෙකු වන මිකී ආතර් ද මෙලෙස සුබපැතුම් එක් කළ අය අතරට ඇතුළත්.

එමෙන්ම සංජේ මංජේකාර්, අමිත් මිශ්‍රා, සහීඩ් අෆ්රිඩි, වසීම් අක්‍රම්, විරේන්ද්‍ර ෂෙවාග්, ඉර්ෆාන් පතාන් ද ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයට සුබපැතුම් එක් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top