පෙර පාසල් සඳහා දිවා ආහාරයට සහය ලෝක බැංකුවෙන්
Monday, 12 September 2022 - 7:43 | Views - 1,804
පෙර පාසල් ළමයින් සදහා මෙම මාසයේ සිට දිවා ආහාර වේලක් ලබා දීම ලෝක බැංකු අධාර යටතේ ආරම්භ කරන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය පවසනවා.

එහි අධ්‍යක්ෂිකා නයනා එස්.පී.කේ.ද සිල්වා කියා සිටියේ වතුකරයේ දරුවන් 35,000 ක් ඇතුලු පෝෂණ ඌණතා සහිත ප්‍රදේශවල පෙර පාසල් ළමයින් 155,000කට මෙලෙස දිවා ආහාර වේලක් ලබාදෙන බවයි.

මේ වනවිට පෝෂණ ඌනතා සහිත පෙරපාසල් ළමයින් 90,000කට උදෑසන ආහාර වේලක් ලබා දෙන අතර එම එක් ආහාර වේලක් සදහා සැපයුම්කරුවන්ට රුපියල් 30 ක මුදලක් ලබා දෙනවා.

කෙසේ වෙතත් එම මුදල ප්‍රමාණවත් නොවන බැවින් එය රුපියල් 60 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

ඒ සදහා වන මුදල් ලෝක බැංකු ආධාර යටතේ ලබාදෙනු ඇති.

මෙම මාසයේ සිට අදාළ උදෑසන අහාරවේල වෙනුවට එය දිවා ආහාරවේලක් ලෙස දැනට පවතින ආහාර වට්ටෝරුව ද සශෝධනය කර ලබාදීමටයි සැලසුම් කර ඇති බවයි මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා නයනා එස්.පී.කේ.ද සිල්වා කියා සිටියේ.

මේ අතර ගර්භනී මව්වරුන්ට රජය මගින් ලබා දුන් රුපියල් 2,000ක පෝෂණ මල්ල යලි බෙදාදීම ආරම්භ කර තිබෙනවා.

සති 12 සම්පූර්ණ වූ ගර්භණී මව්වරුන්ට රුපියල් 2,000 බැගින් වන පෝෂණ මල්ලක් මාස 10 ක කාලයකට ලබා දීම වසර කිහිපයක සිට සිදු කෙරුණු අතර එය පසුගිය ජුනි මාසයේ සිට නතර වී තිබුණේ ප්‍රතිපාදන නොලැබීමේ තත්වයක් තුළයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top