සතොස භාණ්ඩ අටක මිල අඩු කරයි (Video)
Friday, 09 September 2022 - 15:00 | Views - 6,704
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අලෙවිසැල් ජාලය මගින් අලෙවි කරනු ලබන භාණ්ඩ වර්ග 08 ක මිල අඩු කර තිබෙනවා.

එහි සභාපති පසඳ යාපා අබේවර්ධන කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආනයනික සුදු කැකුළු, ආනයනික සුදු නාඩු, රතු පරිප්පු, වටානා, සුදු සීනි, හාල්මැස්සන්, සුදු ළුෑණු සහ තිරිඟු පිටි මිල මෙලෙස අඩු කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් 185 කටත්, ආනයනික සුදු නාඩු කිලෝවක් රුපියල් 194කටත්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 429 කටත් සතොස හරහා ජනතාවට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

සුදු සීනි කිලෝවක් රුපියල් 279කට අලෙවි කරන අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1350කටයි අලෙවි කෙරෙන්නේ.

මේ අතර, බදු ගෙවීම පැහැර හැර මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් බදු සහ දඩ මුදල් අය කර නොගන්නේ නම් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ගෙවූ බදු මුදල් නැවත ලබාදීමට රජය කටයුතු කළ යුතු බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළා.

පොළොන්නරුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top