අඩු ආදායම්ලාභීන් සඳහා 2023 වසරේ නිවසක්
Friday, 09 September 2022 - 14:13 | Views - 2,028
අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.
පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල මෙම නිවාස ඉදි කිරීමට නියමිතව තිබෙන්නේ.
කොට්ටාවේ ඉදිවන නිවාස සංකීර්ණය කලාකරුවන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිත අතර ,
මෙම සියලු නිවාස දේශපාලන පදනම හෝ හිතවත්කම් මත නොව, ප්‍රමුඛතාව සහ නිසි අවශ්‍යතාවය මත පදනම්ව පමණක් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදය වහාම සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බවද සඳහන්.
කෙසේ වෙතත්, 2023 වසරේ පැවැත්වීමට නියමිත 75 වන නිදහස් දින උත්සවය නිමිත්තෙන් මෙම නිවාස ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වුණා.
(උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article