කැල්කියුලේටර් හිඟයෙන් දරුවන්ගේ අධ්‍යාපනය ඇනහිටී
Friday, 09 September 2022 - 13:32 | Views - 956

විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator )හිඟයෙන් දිවයින පුරා දරුවන් 30,000 ගේ උසස් අධ්‍යාපනය ඇනහිටින තත්වයක් උදාවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

ඝනක යන්ත්‍ර විසිපන්දාහක හදිසි අවශ්‍යතාවයක් රටේ පවතින හෙයින් වෙළෙඳ අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය මේ සඳහා සෘජුවම මැදිහත්වී මෙම යන්ත්‍ර අවශ්‍ය ප්‍රමාණය ආනයනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් උසස් අධ්‍යාපන හා තාක්ෂණික ආයතන හරහා දරුවන්ට බෙදාහැරීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔහු ඉල්ලීමක් කළා.

පසුගිය වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව දරුවන් විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට බඳවා ගැනීම් දැනටමත් ආරම්භවී ඇති බවත් මෙම පාඨමාලා අතුරින් කලා හා වෛද්‍ය පාඨමාලා හැරුණවිට අනෙකුත් බොහෝ පාඨමාලා තාක්ෂණය හා ගණිතය පදනම් කරගත් ඒවා බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

කලමනාකාරණ පාඨමාලා සඳහා දරුවන් 6500ක්ද , ඉංජිනේරු පාඨමාලා සඳහා 2400ක්ද, භෞතීය විද්‍යාව සඳහා 2400ක්ද පරිඝණක විද්‍යාව සඳහා 800ක්ද , ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා 1400ක්ද , විවිධ තාක්ෂණික ආයතන වලට 15,000 ක්ද , බඳවා ගැනෙන බව පැවසූ මන්ත්‍රීවරයා එම පාඨමාලා හදාරන සියලු දෙනාටම පාහේ අත්‍යාවශ්‍යවන ඉගෙනුම් උපකරණයක්වන ගණක යන්ත්‍රවල (scientific calculator) විශාල හිඟයක් මේ වනවිට නිර්මාණයවී ඇතැයිද පෙන්වා දුන්නා.

වෙළෙඳපොළේ කිසිම තැනක මෙම විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator) සොයා ගැනීමට නොමැති බැවින් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට විශාල අභියෝගයක් එල්ලවී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.


(උපුටා ගැනීම -  ලංකාදීප) 

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top