විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු අත් අඩංගුවට (Video)
Friday, 09 September 2022 - 12:20 | Views - 720
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ශිෂ්‍යයා ගාල්ලේ පදිංචිකරුවෙක් වන බවයි වාර්තා වන්නේ.
අදාළ ශිෂ්‍යයා විසින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 272,682 දෙදෙනාගේම විභාග ප්‍රතිඵල ලේඛනය සොරාගෙන තිබෙනවා.
ඔහු විසින් අදාළ ප්‍රතිඵල ලේඛනය බාගත කරගනිමින්, එය වෙනමම වෙබ් අඩවියක් හරහා විභාග අපේක්ෂකයින්ගේ නම ඇතුළත් කර සැණින් ප්‍රතිඵල ලැබීමට සලස්වා ඇති බවයි වාර්තා වන්නේ.
සිදු කරන ලද විමර්ශනවල දී හෙළි වී ඇත්තේ මෙම සිසුවා 5000ක පමණ සාමාජිකයින් සිටිනා වෙබ් අඩවි හැක් කරන කණ්ඩායමක ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි.
Share This Article