සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරෙයි
Friday, 09 September 2022 - 12:08 | Views - 4,385
දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙනවා.

මේ අතර දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජකීය පවුලට සහ එක්සත් රාජධානියේ ජනතාවට සිය ශෝකය පළකර තිබෙනවා.

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය ඊයේ පස්වරුවේ නිවේදනය කළා.

බ්‍රිතාන්‍ය මහ රැජින අභාවප්‍රාප්ත වන විට පසුවූයේ 96 හැවිරිදි වියේයි.

වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් ඇය වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කලා.

දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් සිදු කෙරෙමින් පැවති 1952 වසරේදීයි.

වයෝවෘද්ධ මහා රාජිනිය පසුගිය බ්‍රහස්පතින්දා සිට තරමක රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් රජ මාලිගයේ රාජකීය වෛද්‍යවරුන් ඇයව ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගය වෙත රැගෙන ගියා.

වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණය මත එහි රැඳී සිටී බ්‍රිතාන්‍ය මහා රාජිනියගේ රෝගි තත්ත්වය අද උදෑසන උත්සන්න වූ බවයි බී. බී. සී. ලෝක සේවයේ වාර්තාවක සඳහන් වන්නේ.

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වන අවස්ථාවේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ රාජකීය පවුලේ සමීපතමයින් රැසක් බැල්මෝර් මාලිගයේ රැස්ව සිටියා.

බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මහා රාජිනිය ශාන්ත සුවයෙන් අවසන් ගමන ගිය බවයි.

අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනගේ දේහය හෙට ලන්ඩනයට රැගෙන එන බවයි වාර්තා වන්නේ.

රෝගී වූ රැජින බැල්මොරාල් මාලිගයට රැගෙන ගිය පසු ඇයගේ අවසන් අවස්ථාවේදී මහ රැජිනගේ දරුවන් සියලුදෙනා එතැන සිටි බවත් එමෙන්ම මුණුපුරා වන විලියම් කුමරු ද එම අවස්ථාවට එක්ව සිටි බවත් වාර්තා වනවා.

1926 අප්‍රේල් මස 21 වන දින ලන්ඩනයේ නේෆියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබෙනවා.

ඇය රජ කිරුළ හිස දැරූ අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලෝක ප්‍රකට අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේ විරුවෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්.

එමෙන්ම ඇයගේ කිරුළු සීමාව තුල අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ මීට සතියකට පෙර මහ රාජිනිය වෙතින් පත්වීමේ ලිපිය ලබාගත් බ්‍රිතාන්‍යයේ තෙවැනි කාන්තා අග්‍රාමාත්‍යවරිය වන ලිස්ට්‍රස්.

මේවන විටත් මහ රැජිනගේ අභාවය සැලවීමත් සමග බකිංහැම් මාලිගය ඉදිරිපිට බ්‍රිතාන්‍ය වැසියන් විශාල වශයෙන් එක්රොක් වන බවයි වාර්තා වන්නේ. මහ රැජිනකට හිමි ගෞරවය කිරුළකට හිමි අභිමානය අනලස්ව රැකගත් 21 වැනි සියවසේ මහා රාජිනියනි ඔබට සුබ ගමන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top