ලෝක වෙළඳපලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ, ඇමරිකානු ඩොලර් 89යි ශත 28ක් ලෙසයි.
ඩබ්ලිව්.ටී.අයි බැරලයක මිල ඩොලර් 83යි ශත 52ක් දක්වා පහත වැටී තිබෙනවා.
කෙසේ වෙතත් පෙරේදා දිනයේ දී ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක් අද දිනයට සාපේක්ෂ ව පහළ මිලක පැවති අතර, එහි මිල සටහන් වූයේ, ඩොලර් 81.94ක් ලෙස යි.