යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවෙන් බැහැරව කටයුතු කිරීමට ඉඩ දෙන්නේ නෑ - විදේශ කටයුතු ඇමති
Thursday, 08 September 2022 - 11:26 | Views - 244

2009 වසරින් අවසන් වූ දශක තුනක යුද්ධයෙන් පසුව මතු වූ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවෙන් බැහැරව කටයුතු කිරීමට ඉඩ නොදෙන බව රජය යළිත් තහවුරු කර තිබෙනවා.
ඒ ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වන සැසිවාරයට විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් සහභාගී වීමෙන් අනතුරුව යි.
කෙසේ වෙතත්, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍ය අලි සබ්රි මේ සම්බන්ධයෙන් අදහස් ඵල කළා.
ඒ අනුව, ශ්‍රී ලංකාව එකඟතාවයෙන් යුතුව කරන ඕනෑම දෙයක නිරත වන බවත් ගැටුමට උනන්දුවක් නොදක්වන බවත් ඇමතිවරයා මෙහිදී සඳහන් කල අතර, බාහිර යාන්ත්‍රණයක්, බාහිර සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණයක්, රටින් පිටත ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයකිරීම් සහ දෙමුහුන් විනිසුරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දීම රජය ප්‍රතික්ෂේප කර ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එසේම, වගකිවයුතු ගෞරවනීය හවුල්කරුවෙකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව සමඟ රට අඛණ්ඩව සම්බන්ධ වන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
කෙසේ වෙතත්, සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක් පිළිබදව සොයා බැලීම සදහා මෙරටට පැමිණීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ, විශේෂ නියෝජිත පිරිසක් ඉල්ලීමක් කර තිබුණ ද, මෙරට රජය දින ගණනාවකට පෙර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
Share This Article