දුම් පානය පහළට
Thursday, 08 September 2022 - 9:25 | Views - 1,607
වසර දහයකට පෙර මෙරට ට්‍රිලියන 4ක්ව පැවැති දුම්වැටි නිෂ්පාදනය මේ වන විට ට්‍රිලියන 2 දක්වා 50% කින් අඩුවී ඇති බවත් , මෙරට දුම්වැටි පානයද 9% දක්වා අඩුවී පැවැතියත් දුම්වැටි නිෂ්පාදකයන්ගේ ආදායම සියයට 121කින් පමණ ඉහළ ගොස් ඇති බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසනවා.
කෙසේ වෙතත්, 12% සිට 15% දක්වා වැට් බද්ද 3%කින් ඉහළ යාම මත මෙරට බහුලව භාවිත වන මිලිමීටර් 74-84 අතර දිගැති දුම්වැටියක පැවැති මිල රුපියල් 75 සිට 80 දක්වා රුපියල් 5කින් ඉහළ යාමෙන්ද දුම්වැටි නිෂ්පාදකයන්ගේ ලාභයද අවම වශයෙන් සියයට 2.75කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනවා.
(උපුටා ගැනීම - සිළුමිණ)
Share This Article