බ්‍රිතාන්‍යයේ කැබිනට් පුටුවකට ගිය රනිල් (Photos)
Thursday, 08 September 2022 - 7:44 | Views - 476
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කර තිබෙනවා.ඔහු පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති බාරව කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.නව අගමැතිනි ලිස් ට්‍රස්ගේ කැබිනට් මණ්ඩලයේ බ්‍රිතාන්‍යයේ නව පරිසර අමාත්‍යවරයා ලෙස රනිල් ජයවර්ධන පත් කළ බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත්, මීට පෙර ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ අමාත්‍යවරයකු වූ ජයවර්ධන, නව අගමැති ට්‍රස්ගේ මුල් ආධාරකරුවෙකු ද වූ බව ද සඳහන්.ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත්තේ 2015 වසරේදීයි.


Share This Article