උපත්, මරණ සහ විවාහ සහතික - ඕනෑම කාල සීමාවකට වලංගුයි
Wednesday, 07 September 2022 - 13:20 | Views - 877
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල අනුපිටපත්වල වලංගුතාව නිශ්චිත කාල සීමාවකින් සමන්විත නො වන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, රෙජිස්ටාර් ජෙනරාල් විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලු ම පනත් ප්‍රතිපාදන අනුව රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නො කර පිළිගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, යන ආයතන වලට දැනුවත් කර ඇති බවයි.

මේ අතර යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ හා මරණ ලේඛනයක සංශෝධන සිදු කර ඇත්නම් පමණක් සංශෝධික නව පිටපතක් ඉදිරිපත් කිරීම කළ යුතු බව ද රෙජිස්ටාර් ජනරාල් පී.එස්.පී. අබේවර්ධන පවසනවා.

(රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලට නිකුත් කළ නිවේදනය පහතින්) 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top