මත් රකුසාගෙන් බේරන්න - පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂාවට
Wednesday, 07 September 2022 - 13:05 | Views - 2,540
පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමේ පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අද පාර්ලිමේන්තු සභාවාරයට එක්වෙමින්,
කෙසේ වෙතත්, මේ පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමේ දී ඇල්ලූ අවස්ථා තිබූ බවද ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන් අතර, මේ සම්බන්ධයෙන් මා පියන් සහ පාසල් ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.
Share This Article