පමාවී තිබූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය - ඉක්මනින් ගෙවීමට අනුමැතිය
Wednesday, 07 September 2022 - 12:21 | Views - 3,151
මෙතෙක් පමාවී තිබූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම ස‍ඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, 2021 වර්ෂයට අදාළව මේ වනවිට ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසානයට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දීමටද, 2022 වර්ෂය සඳහා ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික මුදල් ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් ප්‍රමාණය මාස 6ක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබාදීටද අනුමැතිය හිමිව ඇති බවටයි සඳහා වන්නේ.

එමෙන්ම, මෙම විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේ ක්‍රමවේදය තිරසාරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සඳහා, හය දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

විශ්‍රාම පාරිතෝෂිකය සම්බන්ධයෙන් වන මෙම කමිටුවේ නිර්දේශ සහිත වාර්තාව, මාසයක් තුළ, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා මගින්, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය කාලය පුරා රට තුළ පවතින ආර්ථික අස්ථායිතාව හමුවේ, රජයේ නිලධාරීන් විශ්‍රාම ගැනීමෙදී ඔවුන්ට ගෙවනු ලබන විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීමට රජයට හැකියාව ලැබුණේ නැත.

කෙසේවුවද, මෙම පාරිතෝෂිකය නොගෙවීම හේතුවෙන් විශ්‍රාමික ප්‍රජාව විශාල පීඩනයකින් පසුවූ අතර ඒ සම්බන්ධයෙන් වන මැසිවිලි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට ද නිරන්තරයෙන් ඉදිරිපත් වූ බවද සඳහන්. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top