දණ ගැස්වූ හතර දෙනා අවවාද කර මුදා හැරෙයි
Wednesday, 07 September 2022 - 10:34 | Views - 1,275
වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ උත්සවයකට බලහත්කාරයෙන් ඇතුළු වී ආහාර ලබා ගැනිමට උත්සහ කිරීමේ දී පොලිස් භාරයට ගත් තරුණයින් සිවු දෙනා අවවාද කිරිමෙන් පසු මුදා හැර තිබෙනවා.
වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ උත්සවයක් අතරතුර තරුණයින් සිවු දෙනෙකු ඊට බලහත්කාරයෙන් ඇතුළු වී ආහාර ලබා ගැනිමට උත්සහා කරනු ලැබුවේ පසුගිය ඉරිදා යි.
එහි දී විවාහ මංගලය සංවිධානය කළ පිරිස ඒ පිලිබඳ නගරාධිපතිනි ජි.ජි.එච්. යමුනා කාන්ති දැනුවත් කරනු ලැබුවා.
ඊට පසු පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මත අදාළ තරුණයින් පිරිස, වැලිගම පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.
එහි දී තරුණයින් සිවු දෙනාගේ දෙමාපියන්ද පොලිසියට කැඳවා සිද්ධිය පිලිබඳව පැහැදිලි කළ ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්පසු අවුරුදු 16,17, සහ 18 වයස්වල පසුවන මෙම තරුණයින් සිවු දෙනා අවවාද කිරිමෙන් පසු මුදා හැරි බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම තරුණයන් දින කිහිපයක සිට වැලිගම නගර ශාලාවේ පවත්වන විවාහ උත්සවවලට බලහත්කාරයෙන් ඇතුළු වී ආහාර ලබා ගන්නා බවට තොරතුරු ලැබි ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article