උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට රජයෙන් සහනයක්
Wednesday, 07 September 2022 - 8:20 | Views - 623

උසස් අධ්‍යාපනය සඳහා බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව, ප්‍රමාණාත්මක ව ඉහළ නැංවීමේ අරමුණෙන් උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් රජයේ පිළිගත් උපාධියක් මෙරට දී හැදෑරීමේ අවස්ථා සලසමින් අධ්‍යාපන අමාත්‍යාංශය 2022.08.31 දින ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශය ප්‍රකාර ව මෙම වසරේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා සඳහා තේරී පත් වූ සිසුන් 6847ක් සඳහා අධ්‍යයන කාලය හා සහන කාලය වන වසර 4 හෝ 5ක කාලයට අදාළ සම්පූර්ණ පොලී මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට අනුමැතිය පළ වී තිබෙනවා.
මේ කාලයට පසු ව එළඹෙන ඉදිරි වර්ෂ 7ක හෝ 8ක කාලය තුළ පාවෙන පොලී අනුපාතයන් යටතේ සම්පූර්ණ පොලී මුදලත් ණය මුදලත් සිසුන්ට පියවීමට හැකි වන පරිදි මෙම ණය පහසුකම් සපයනු ලබනවා.
එමෙන් ම පාඨමාලා ගාස්තුව වන රුපියල් ලක්ෂ අටක මුදල තමන් විසින් ම අර්ධ වාර්ෂික පදනමින් ගෙවා මෙම ණය යෝජනා ක්‍රමයට ම ඇතුළත් ව අධ්‍යයන කටයුතු සිදු කිරීමේ කැමැත්ත පළ කර ඇති සිසුන්ට එම අවස්ථාව ලබා දීමටත් රජය තීරණය කර තිබෙනවා.
මේ පහසුකම් සැපයෙන්නේ, උසස් පෙළ සමත් සිසුන් දෙලක්ෂයකින් පමණ සරසවි වරම් හිමි වන හතලිස් දහස හැරුණු කොට ඉතිරි වන සිසුන් කණ්ඩායමට ඔවුන් ලබා ඇති උසස් පෙළ ප්‍රතිඵල කුසලතා මත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත මෙරට දී ම රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට ඉඩ ප්රස්ථා විවර කරමින් සහ ඒ වෙනුවෙන් දෙමාපියන්ට වැය වන අධික පිරිවැය අවම කරමින් රජය විසින් ආරම්භ කර ඇති ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ යි.
Share This Article