තවමත් සාදා නැති ප්‍රමිතිය ගැන ඇමති අමරවීර මැතිසබයේදී කියයි
Tuesday, 06 September 2022 - 15:31 | Views - 277
ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්යාංශය තවම ප්‍රමිතියක් හදා නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අද පාර්ලිමේන්තුවේ දී ,
ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක් හදන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
චීන පොහොර සමාගම ඇමරිකාවටත් පෝර සපයන සමාගමක් බවත් ඔවුන්ගේ පොහොර හොඳ බව ඒ අය කියන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
එසේම, චීන පොහොර නැවෙි ප්රශ්නය පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කර උපදෙස් පතා තිබෙන අතර මේ ගනුදෙනුව අවසන් කරන්නේ කෙසේදැයි කැබිනට් මණ්ඩලයෙන් විමසු බවද අමාත්‍යවරයා සඳහන් කළා.
Share This Article