කාලගුණයේ බාධාවෙන් - අද හදිසියේම වැසුණු පාසල්
Tuesday, 06 September 2022 - 11:57 | Views - 10,295
දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් දිනවල ඇද හැළුණු තද වර්ෂාව නිසා ඇළ දොල ගංගා පිටාට ගැලීම හේතුවෙන් පහත් බිම්,මංමාවත්,නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
ජල ගැලීම් නිසා දෙහිඕව්ට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 12 වසා දමා ඇති අතර, දෙහිඕව්ට ව්දුහල ,මුදුගමුව,රුවන්වැල්ල රාජකීය,නාපාවල,දයිගල ,නිකදළුපොත යන පාසල් එසේ වසා දැමූ පාසල් කාණ්ඩයට ඇතුලත් බවයි සඳහන් වන්නේ.
එසේම, ගුරුගොඩ ඔය පිටාර ගැලීමෙන් ගම්මාන රැසක් ජලයෙන් යටවී ඇති බවද සඳහන්.
මේ හේතුවෙන්, තල්දුව,අගුරුවැල්ල, මුදුගමුව,කන්නත්තොට,මත්තමගොඩ,කොටියාකුඹුර යන ප්‍රදේශවල ජනතාව අවතැන්ව සිටින බවද වාර්තා වල සඳහන්.
එමෙන්ම කෑගල්ල -අව්ස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශ වල ප්‍රවාහන කටයුතු මුළුමනින්ම ඇන හිට තිබෙන බවද වැඩිදුරටත් සඳහන්.
( උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article