ඇතැම් ජලාශවල වාන් දොරටු තවමත් විවෘත යි
Tuesday, 06 September 2022 - 10:58 | Views - 704
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසිත් සමඟ ඉහළ කොත්මලේ, ලක්ෂපාන සහ කැනියොන් යන ජලාශවල වාන් දොරටු තවමත් විවෘත ව පවතිනවා.
ඒ අනුව ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක්, ලක්ෂපාන සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු 2ක් බැගින් ඊයේ (05) රාත්‍රියේ සිට විවෘත කර ඇති බව යි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article