මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගෙවීම් ක්‍රම අලුත් කරයි
Tuesday, 06 September 2022 - 9:56 | Views - 544
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ඊයේ (5) සිට ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා සඳහන් කළා.
මෙහිදී, මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සියලුම සේවාවන් සඳහා ජනතාවට ඉදිරියේදී විද්‍යුත් කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකළ හැකි බවත් බොහෝ ගනුදෙනුවලදී කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් තිබීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙසේ වෙනස් අයුරකින් ගෙවීමේ හැකියාව ලබා දුන් බවද කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article