රැඳවියාගේ විශ්වවිද්‍යාල දියණියට පරිගණකයක්
Monday, 05 September 2022 - 15:06 | Views - 357
බන්ධනාගාරගත රැඳවියන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් සමඟ මනා සම්බන්ධතාව ගොඩනගමින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ අරමුණ යි.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සිරකරු සුභසාධක සංගමය එක් ව බන්ධනාගාරගත රැඳවියන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා ඔවුන්ගේ සුභසාධන කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩ, උපකරණ හා අධ්‍යාපන කටයුතු සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම ද සිදු කෙරෙ යි.
මරණීය දණ්ඩනය නියම ව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින නේවාසිකයෙකු විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඔහුගේ විශ්වවිද්‍යාලය අධ්‍යපානය හාදාරන දියණියගේ අධ්‍යාපන කටයුතු සදහා ලැප්ටොප් වර්ගයේ පරිගණක යන්ත්‍රයක් සිරකරු සුභසාධක සංගමයේ වැලිකඩ උපකමිටුවේ සමාජික එම්.අක්‍රම් විසින් පෙරේ දා 03 වැලිකඩ බන්ධනාගාර අධ්‍යයන කේන්ද්‍රයේ දී පරිත්‍යාග කර තිබෙනවා.
මේ අතර “සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය මගින් ආර්ථික අපහසුතා මැද විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලබන මෙම දියණියට ශිෂ්‍යත්වයක් ද ලබා දී ඇති බව සඳහන්.
Share This Article