නිෂ්පාදන ධාරිතාව ඉහළ දමන්න - විෂයභාර ඇමති ඉල්ලයි
Monday, 05 September 2022 - 14:11 | Views - 607
තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන ලෙසට මේ වනවිටත් මහ පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වෙත ඉල්ලීමක් කර ඇති බව වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබෙනවා.
අමාත්‍යවරයා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය හමුවේ මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම අමාත්‍යාංශයේ අද (05) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදියි.
ඒ අනුව ඉදිරියේදී තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බවත්, පිටි මිල ඉහළ නැංවීමට අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවද වෙළඳ අමාත්‍යවරයා බේකරි හිමියන්ගේ සංගමය හමුවේ ප්‍රකාශ කළ බවයි වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය නිවේදනය කළේ.
Share This Article