හිටපු ඇමති රිෂාඩ්ගේ අභියාචනය සළකා බැලීම - 2023ට කල් යයි
Monday, 05 September 2022 - 14:01 | Views - 406
විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කැලෑ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දුවක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය සලකා බැලීම ලබන වසරේ ජනවාරි මස 19 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, අදාළ පෙත්සම ගාමිණි අමරසේකර, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (05) කැදවු අවස්ථාවේදියි.
එහිදි විනිසුරු අර්ජුන ඔබේසේකර මෙම සිද්ධියට අදාල අභියාචනාධිකරණ නඩු විභාගයට සහභාගි වී ඇති හෙයින්, පෙත්සම සලකා බැලීම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කෙරුණා.
Share This Article