තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය
Monday, 05 September 2022 - 12:22 | Views - 365
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අද(05) උදෑසන 8.30 න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය හංවැල්ලෙන් වාර්තාවන අතර, එය, දැක්වෙන්නේ මිලිමීටර 150.5 ක් ලෙසයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වහරක ප්‍රදේශයට මිලිමීටර 133 ක සහ අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර 114 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

මේ අතර නිරිතදිග මෝසම් තත්වය සක්‍රියවීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 - 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් ඉදිරි පැය විසි හතර තුළ නාවික සහ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර පවත්නා කාළගුණය සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් ද නිකුත් කිරීමට කටයුතු කළා.

(එම නිවේදනය පහතින්) 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top