තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය
Monday, 05 September 2022 - 12:22 | Views - 366
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.අද(05) උදෑසන 8.30 න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය හංවැල්ලෙන් වාර්තාවන අතර, එය, දැක්වෙන්නේ මිලිමීටර 150.5 ක් ලෙසයි.කෑගල්ල දිස්ත්‍රික්කයේ වහරක ප්‍රදේශයට මිලිමීටර 133 ක සහ අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර 114 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.මේ අතර නිරිතදිග මෝසම් තත්වය සක්‍රියවීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 - 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.ඒ හේතුවෙන් ඉදිරි පැය විසි හතර තුළ නාවික සහ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.මේ අතර පවත්නා කාළගුණය සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් ද නිකුත් කිරීමට කටයුතු කළා.(එම නිවේදනය පහතින්)

Share This Article